top of page

Platelet-Rich-Fibrin(PRF)/Hand

PRF Hand.316Z.png

PRF (Platelet-Rich Fibrin) තාක්ෂණය අත් යෞවනීකරණ ප්‍රතිකාර සඳහා වඩාත් ප්‍රායෝගික හා කාර්යක්ෂම විසඳුමක් ලෙස සැලකේ.
රුධිරයේ ඇති growth factors හා platelets මඟින් අත් සමේ සෛල නැවත සක්‍රීය කරයි, රුධිර සංසරණය වැඩි කරයි, සහ සමේ කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරයි. PRF මගින් අත් වල වයස්ගත ලක්ෂණ අඩු කිරීම, wrinkles හා කළු පැල්ලම් අඩු කිරීම, සම පැහැපත් කිරීම සහ තද කිරීම සඳහා ස්වභාවික හා ආරක්ෂිත විසඳුමක් ලබාගත හැක.
මෙය පවතින PRP තාක්ෂණයට වඩා දියුණු නවීන විකාශයකි.

PRF (Platelet-Rich Fibrin) technology is one of the most effective and advanced solutions for hand rejuvenation.
The growth factors and platelets present in the blood help to reactivate skin cells, improve blood circulation, and stimulate natural collagen production. PRF provides a safe and natural solution for reducing wrinkles, pigmentation, dryness, and other signs of aging on the hands. It also enhances skin texture, firmness, and overall brightness.
This is an advanced development compared to the existing PRP technology.

PRF (Platelet-Rich Fibrin) தொழில்நுட்பம் கைகளுக்கான இளைஞர் புதுச்சேர்க்கை சிகிச்சைக்கான மிகவும் திறமையான மற்றும் முன்னேற்றமான தீர்வாகக் கருதப்படுகிறது. ரத்தத்தில் உள்ள growth factors மற்றும் platelets கைகள் தோல் செல்களை மீண்டும் செயல்படுத்துகின்றன, ரத்தச் சுழற்சியை மேம்படுத்துகின்றன மற்றும் இயற்கை collagen உற்பத்தியை தூண்டுகின்றன. PRF சிகிச்சை மூலம் கைகளில் தோன்றும் சுருக்கங்கள், கருமை, வறட்சி மற்றும் முதிர்வின் அடையாளங்களை குறைக்க பாதுகாப்பான மற்றும் இயற்கையான தீர்வு கிடைக்கிறது. இதனால் தோல் மென்மையாகவும், உறுதியானதாகவும், பிரகாசமாகவும் மாறுகிறது. இது தற்போதுள்ள PRP தொழில்நுட்பத்தை விட மேம்படுத்தப்பட்ட நவீன வளர்ச்சியாகும்.

Key Aspects of Platelet-Rich-Fibrin(PRF)/Hand Treatments:

1.PRF දෑත් පුනර්ජීවන ප්‍රතිකාරය යනු කුමක්ද?


PRF (Platelet-Rich Fibrin) යනු ඔබේම රුධිරයෙන් ලබාගන්නා ස්වභාවික සාන්ද්‍රණයක් දෑත් වල සමට එන්නත් කිරීම මගින් සිදුකරන ප්‍රතිකාරයකි. මෙහි අරමුණ වන්නේ වියපත් වූ හෝ රැළි වැටුණු දෑත් නැවත තරුණ පෙනුමකට පත් කිරීමයි.

 

2.වයසත් සමඟ දෑත් වල පෙනුම වෙනස් වන්නේ ඇයි?


වයසට යාමේදී දෑත් වල පිටුපස ඇති කොලජන් (Collagen) සහ මේද ස්ථර ක්‍රමයෙන් අඩු වේ. එවිට සම ලිහිල් වී රැළි වැටුණු ස්වභාවයක් ගනී.

 

3.කාන්තාවන්ගේ දෑත් ඉක්මනින් රැළි වැටීමට බලපාන විශේෂ හේතු මොනවාද?


කාන්තාවන් මුළුතැන්ගෙයි කටයුතු වලදී සහ ඇඳුම් සේදීමේදී භාවිතා කරන සබන්, ඩිටර්ජන්ට් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය දෑත් වල සමට හානි පමුණුවයි. මෙය සමේ තද බව (Elasticity) නැති වීමට ප්‍රධාන හේතුවකි.

 

4.මෙම ප්‍රතිකාරය සිදුකරන්නේ කවුද?


අපගේ සායනයෙහි මෙම සියලුම එන්නත් කිරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි, විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරුන් විසිනි.

 

5.මෙම ප්‍රතිකාරයේ මිල කොපමණද?


අප ආයතනය මෙම උසස් PRF ප්‍රතිකාරය රුපියල් 9,900/- ක් වැනි ඉතා සහනදායී ස්ථාවර මිලකට ලබා දෙන්නෙමු.

 

6.PRF මගින් දෑත් වලට සිදුවන සේවය කුමක්ද?


PRF වල අඩංගු වර්ධක සාධක (Growth Factors) මගින් දෑත් වල කොලජන් නිෂ්පාදනය නැවත උත්තේජනය කරයි. වර්ධක සාධක (Growth Factors) මගින් එම ප්‍රදේශයේ නව රුධිර වාහිනී සෑදීම උත්තේජනය කරන අතර, කොලජන් නිපදවන සෛල ප්‍රමාණය වැඩි කරයි. එමෙන්ම, අක්‍රියව පවතින කොලජන් නිපදවන සෛල නැවත ක්‍රියාකාරී කරවීමටද (Wakes up sleeping cells) මෙය උපකාරී වේ. එවිට ලිහිල් වූ සම තද වී රැළි මැකී යයි.

 

7.PRF සාදාගනු ලබන්නේ කෙසේද?


ඔබගේ අතෙන් ලබාගන්නා සුළු රුධිර සාම්පලයක් විශේෂ යන්ත්‍රයක (Centrifuge) කරකවා වර්ධක සාධක බහුල PRF කොටස වෙන් කර ගනු ලැබේ.

 

8.මෙය PRP වලට වඩා වෙනස් වන්නේ කෙසේද?


PRF යනු PRP වලට වඩා දියුණු නව පරම්පරාවේ ප්‍රතිකාරයකි. මෙහි කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන අතර, Fibrin Mesh එකක් සිරවී තිබෙන රුධිර පට්ටිකා වර්ධක සාධක සෙමින් සහ දිගුකාලීනව මුදා හරින බැවින් ප්‍රතිඵල සාර්ථක වේ.

 

9.දෑත් වල නහර කැපී පෙනීම (Prominent blood vessels) මෙයින් අඩු කරගත හැකිද?


ඔව්. සමට යටින් ඇති පටක වර්ධනය වීම නිසා වයසට යාමේදී කැපී පෙනෙන නහර සහ ඇටකටු ස්වභාවය වැසී ගොස් දෑත් වලට පිරුණු තරුණ පෙනුමක් ලැබේ.

 

10.සමේ වර්ණය (Skin Tone) මෙයින් වෙනස් වේද?


PRF මගින් රුධිර ගමනාගමනය වැඩි කරන නිසා සමේ අඳුරු ස්වභාවය සහ අවපැහැ ගැන්වුණු ලප (Age spots) යම් දුරකට අඩු කර සම පැහැපත් කරයි.

 

11.ප්‍රතිකාරයට කොපමණ කාලයක් ගතවේද?


මුළු ක්‍රියාවලියම විනාඩි 90ක කාලයකදී අවසන් කළ හැක.

 

12.එන්නත් කිරීමේදී වේදනාවක් දැනෙනවාද?


නැත. ප්‍රතිකාරයට පෙර දෑත් හිරිවැට්ටවීම සඳහා විශේෂ ක්‍රීම් වර්ගයක් භාවිතා කරන බැවින් වේදනාව අවම වේ.

 

13.ප්‍රතිකාරයට පෙර විශේෂ සූදානමක් අවශ්‍යද?


නැත. නමුත් ප්‍රතිකාරයට දින කිහිපයකට පෙර ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමෙන් හොඳ

රුධිර සාම්පලයක් ලබාගත හැක.

 

14.රුධිරය ලබාගන්නා ස්ථානයේ කැළැල් ඉතිරි වේද?


නැත. එය සාමාන්‍ය රුධිර පරීක්ෂණයකදී මෙන් ඉතා සුළු ඉදිකටු පහරක් පමණි.

 

15.PRF එන්නත් කරන්නේ දෑත් වල කුමන

ස්ථානයටද?


ප්‍රධාන වශයෙන් දෑත් වල පිටුපස ප්‍රදේශයට (Back of the hands) ඉතා සියුම් ඉදිකටු භාවිතයෙන් එන්නත් කරනු ලැබේ.

 

16.ප්‍රතිඵල දැකීමට කොපමණ කාලයක් ගතවේද?


ප්‍රතිකාරයෙන් සති 3 - 4 ක් ඇතුළත වෙනසක් දැකිය හැකි අතර, මාස 2ක් - 3ක් පමණ ගතවන විට කොලජන් වර්ධනය වීම නිසා පූර්ණ ප්‍රතිඵල ලැබීමට පටන් ගනී.

 

17.ප්‍රතිකාර වාර කීයක් අවශ්‍යද?


පැහැදිලි සහ දිගුකාලීන වෙනසක් සඳහා මාසයක පරතරය ඇතිව ප්‍රතිකාර වාර 3ක් ලබා ගැනීම නිර්දේශ කෙරේ. නමුත් එක වරක් කිරීමෙනුත් පැහැදිලි වෙනසක් දැකිය හැක.

 

18.ප්‍රතිඵල කොපමණ කාලයක් පවතිනවාද?


පුද්ගලයාගේ ජීවන රටාව අනුව ප්‍රතිඵල වසරක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇත. වසරකට වරක් නඩත්තු ප්‍රතිකාරයක් කිරීම සුදුසුයි.

 

19.රැළි වැටීම සම්පූර්ණයෙන්ම නැති වේද?


ගැඹුරු රැළි බොහෝ දුරට අඩු වන අතර සියුම් රැළි (Fine lines) සම්පූර්ණයෙන්ම වාගේ මැකී ගොස් සම තද වේ.

 

20.ප්‍රතිකාරය 100%ක්ම ආරක්ෂිතද?


ඔව්. මෙහිදී භාවිතා කරන්නේ ඔබේම රුධිරය නිසා අසාත්මිකතා හෝ අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් නැත.

 

21.ප්‍රතිකාරයෙන් පසු වැඩට යාමට හැකිද?


ඔව්. කිසිදු විවේක කාලයක් අවශ්‍ය නොවන බැවින් ප්‍රතිකාරයෙන් පසු වහාම ඔබේ දෛනික වැඩකටයුතු කළ හැක.

 

22.ප්‍රතිකාරයෙන් පසු ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?


එන්නත් කළ ස්ථානවල සුළු ඉදිමීමක් හෝ රතු වීමක් ඇතිවිය හැකි අතර ඒවා පැය කිහිපයකින් හෝ දිනකින් සුව වේ.

 

23.ප්‍රතිකාරයෙන් පසු දෑත් සේදිය හැකිද?


පැය 4-6ක් පමණ යනතුරු ජලයෙන් සේදීමෙන් වැළකී සිටීමෙන් සම මතුපිට තිබෙන growth factors සම තුලට ඇතුළු වීමට ඉඩ සැලසේ. එදින රසායනික සබන් වර්ග භාවිතා නොකිරීම සුදුසුය.

 

24.ප්‍රතිකාරයෙන් පසු අව්වට නිරාවරණය වීම සුදුසුද?


දින කිහිපයක් යනතුරු තද හිරු එළියෙන් දෑත් ආරක්ෂා කර ගැනීම සහ සන්ස්ක්‍රීන් (Sunscreen) භාවිතා කිරීම නිර්දේශ කෙරේ.

 

25.දෑත් වල සම වියළි අයෙකුට මෙය කළ හැකිද?


ඔව්. PRF මගින් සමේ තෙතමනය සහ සජලනය (Hydration) වැඩි කරන බැවින් වියළි සම ඇති අයට මෙය ඉතා ගුණදායකයි.

 

26.ඕනෑම වයසක අයෙකුට මෙය කළ හැකිද?


ඔව්. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාරය අවුරුදු 18ට වැඩි ඕනෑම වයසක අයෙකුට කල හැකි වූවත්, දෑතේ සම රැලි වැටෙන්නේ වයස අවුරුදු 40න් පසුවයි. 40න් පසුව දෑත් වල පෙනුම සුරැකීමට මෙය කළ හැක.

 

27.රසායනික ද්‍රව්‍ය නිසා දෑත් වල සම විනාශ වූ අයට මෙයින් සහනයක් ලැබේද?


ඔව්. රසායනික ද්‍රව්‍ය නිසා හානි වූ සමේ පටක නැවත අලුත්වැඩියා කිරීමට PRF වල ඇති වර්ධක සාධක උදව් වේ.

 

28.ACC ආයතනය තෝරාගත යුත්තේ ඇයි?


අපි ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන් (Australian Guidelines) අනුගමනය කරන අතර, අපගේ වෛද්‍යවරුන් ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ගෙන් පුහුණුව ලැබූ පළපුරුදු පිරිසක් වන බැවිනි.

 

29.මෙම මිල රු. 9,900/- ස්ථාවර මිලක්ද?


ඔව්. දෑත් දෙක සඳහාම PRF ප්‍රතිකාරය රු. 9,900/- ක් වැනි සහනදායී මිලකට අප ලබා දෙන්නෙමු.

 

30.දෑත් වල කැළැල් (Scars) මෙයින් ඉවත් කළ

හැකිද?


සුළු කැළැල් සහ සමේ ඇති අසමානතා මග හැරවීමට PRF උදව් වේ.

 

31.ප්‍රතිකාරයෙන් පසු මොයිස්චරයිසර් (Moisturizer) භාවිතා කළ හැකිද?


ඔව්. ප්‍රතිකාරයෙන් දිනකට පසු හොඳ වර්ගයක මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීමෙන් ප්‍රතිඵල වැඩි කරගත හැක.

 

32.දෑත් වල ශල්‍යකර්ම කළ අයෙකුට මෙය කළ හැකිද?


වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් පසු එය කළ හැක. සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකින් පසු කැළැල් සුව වීමට ද PRF උදව් වේ.

 

33.ප්‍රතිකාරය සඳහා ඇපොයින්ට්මන්ට් එකක් ගන්නේ කෙසේද?


0772 222 888 ඇමතීමෙන් ඔබට පහසු වේලාවක් සහ ශාඛාවක් වෙන් කරවා ගත හැක.

 

34.ලංකාවේ මේ සඳහා ඇති ශාඛා මොනවාද?


බොරැල්ල, පැලවත්ත, ගම්පහ, මීගමුව, හොරණ සහ ගාල්ල යන අපගේ සෑම ශාඛාවකින්ම මෙම සේවාව ලබාගත හැක.
 

1.What is PRF for Hands?

PRF (Platelet-Rich Fibrin) is a concentrated form of plasma rich in platelets, growth factors, and fibrin.
It is similar to PRP, but unlike PRP, PRF is prepared without anticoagulants, allowing a natural fibrin matrix to form.
This matrix slowly releases growth factors over time, enhancing natural tissue regeneration.
PRF is especially effective for hand rejuvenation, improving skin thickness, texture, hydration, and youthful appearance.

 

2.How Does It Work?
Platelets & Growth Factors:

PRF contains a high concentration of platelets.
These release growth factors that stimulate collagen and elastin production, improving skin quality and reducing wrinkles, thinning, and visible veins.

Fibrin Matrix: The fibrin in PRF forms a natural scaffold, allowing growth factors to be released gradually. This supports long-lasting skin repair and rejuvenation of the hands.
 

3.Treatment Procedure:

  • Blood Collection:A small amount of blood is drawn from the patient.

  • Centrifugation:The blood is spun at a lower speed than PRP, producing PRF with higher platelet and leukocyte concentration.

  • Application:PRF is injected into the back of the hands using small, evenly distributed micro-injections.
     

4.Who Is This Treatment For? (Indications)

  • Aging hands

  • Thinning skin

  • Fine lines and wrinkles

  • Dry, dull skin

  • Prominent veins and tendons

  • Loss of hand volume

  • Sun damage and texture issues
     

5.Benefits:
 

  • 100% Natural & Safe: Uses the patient’s own blood — zero allergy risk.

  • Boosts Collagen: Improves thickness, elasticity, and firmness.

  • Youthful Appearance: Reduces wrinkles and skin laxity.

  • Long-Lasting: Growth factors release slowly for extended results.

  • Minimal Downtime: Gentle, non-surgical, and well tolerated.
     

6.Results:
Most patients notice improved hydration and smoothness within 2–3 weeks.
More visible volume and texture improvements appear in 6–8 weeks.
For best results, 2–3 treatment sessions are recommended.
Maintenance sessions may be done every 6–12 months.

 

7.Post-Treatment Care:

  • Mild redness or swelling may occur for 1–2 days.

  • Avoid heavy handwork or gym activities for 24 hours.

  • Avoid heat exposure (sun, sauna, steam) for 24–48 hours.

  • Keep hands moisturized and hydrated.

  • Any minor discomfort usually settles within a few days.

1.PRF கைகளுக்கான புத்துயிர் சிகிச்சை என்றால் என்ன?

PRF (Platelet-Rich Fibrin) என்பது உங்களது சொந்த இரத்தத்திலிருந்து பெறப்படும் ஒரு இயற்கைச் செறிவை கைகளின் சருமத்தில் ஊசி மூலம் செலுத்தி செய்யப்படும் ஒரு சிகிச்சையாகும். இதன் நோக்கம் முதுமையடைந்த அல்லது சுருக்கங்கள் விழுந்த கைகளை மீண்டும் இளமையான தோற்றத்திற்கு கொண்டு வருவதாகும்.

 

2.வயது முதிர்ச்சியுடன் கைகளின் தோற்றம் மாறுவது ஏன்?


வயதாகும்போது கைகளின் பின்புறம் உள்ள கொலாஜன் (Collagen) மற்றும் கொழுப்பு அடுக்குகள் படிப்படியாகக் குறைகின்றன. இதனால் சருமம் தளர்வடைந்து சுருக்கங்கள் ஏற்படுகின்றன.

 

3.பெண்களின் கைகள் விரைவில் சுருக்கமடைவதற்குப் பாதிக்கும் விசேட காரணங்கள் யாவை?


பெண்கள் சமையலறை வேலைகளின் போதும், துணி துவைக்கும் போதும் பயன்படுத்தும் சோப்பு, டிடர்ஜென்ட் மற்றும் ஏனைய இரசாயனப் பொருட்கள் கைகளின் சருமத்தைப் பாதிக்கின்றன. இது சருமத்தின் இறுக்கத்தன்மையை (Elasticity) இழக்கச் செய்வதற்கு முக்கிய காரணமாகும்.

 

4.இந்தச் சிகிச்சையை மேற்கொள்பவர் யார்?


எமது கிளினிக்கில் இந்த அனைத்து ஊசி மருந்து செலுத்துகைகளும் இலங்கை மருத்துவ சபையில் (SLMC) பதிவுசெய்யப்பட்ட, விசேட பயிற்சி பெற்ற மருத்துவர்களினால் மட்டுமே மேற்கொள்ளப்படுகின்றன.

 

5.இந்தச் சிகிச்சையின் விலை எவ்வளவு?


எமது நிறுவனம் இந்த உயர்தர PRF சிகிச்சையை ரூபா 9,900/- என்ற மிகச் சலுகையான நிலையான விலையில் வழங்குகிறது.

 

6.PRF மூலம் கைகளுக்குக் கிடைக்கும் நன்மை என்ன?


PRF-இல் உள்ள வளர்ச்சி காரணிகள் (Growth Factors) கைகளில் கொலாஜன் உற்பத்தியை மீண்டும் தூண்டுகின்றன. வளர்ச்சி காரணிகள் அந்தப் பகுதியில் புதிய இரத்த நாளங்கள் உருவாவதை ஊக்குவிப்பதுடன், கொலாஜன் உற்பத்தி செய்யும் செல்களின் எண்ணிக்கையையும் அதிகரிக்கின்றன. அத்துடன், செயலற்ற நிலையில் உள்ள கொலாஜன் உற்பத்தி செய்யும் செல்களை மீண்டும் செயல்பட வைப்பதற்கும் (Wakes up sleeping cells) இது உதவுகிறது. இதனால் தளர்ந்த சருமம் இறுக்கமடைந்து சுருக்கங்கள் மறைகின்றன.

 

7.PRF எவ்வாறு தயாரிக்கப்படுகிறது?


உங்களது கையிலிருந்து பெறப்படும் ஒரு சிறிய இரத்த மாதிரியானது விசேட இயந்திரத்தில் (Centrifuge) சுழற்றப்பட்டு, வளர்ச்சி காரணிகள் செறிந்த PRF பகுதி பிரித்தெடுக்கப்படுகிறது.

 

8.இது PRP-யிலிருந்து எவ்வாறு வேறுபடுகிறது?


PRF என்பது PRP-யை விட மேம்பட்ட புதிய தலைமுறை சிகிச்சையாகும். இதில் எந்த இரசாயனப் பொருட்களும் சேர்க்கப்படுவதில்லை. மேலும், இதில் உள்ள Fibrin Mesh - இல் சிக்கியுள்ள இரத்தத் தட்டணுக்கள் வளர்ச்சி காரணிகளை மெதுவாகவும் நீண்ட காலத்திற்கும் வெளியிடுவதால் இதன் முடிவுகள் மிகவும் வெற்றிகரமாக அமைகின்றன.

 

9.கைகளில் நரம்புகள் துருத்திக்கொண்டு தெரிவதை (Prominent blood vessels) இதன் மூலம் குறைக்க முடியுமா?


ஆம். சருமத்திற்குக் கீழுள்ள திசுக்கள் வளர்ச்சியடைவதால், முதுமையின் போது வெளியே தெரியும் நரம்புகள் மற்றும் எலும்புகள் மறைக்கப்பட்டு கைகளுக்கு ஒரு பொலிவான இளமைத் தோற்றம் கிடைக்கிறது.

 

10.சருமத்தின் நிறம் (Skin Tone) இதனால் மாறுமா?


PRF இரத்த ஓட்டத்தை அதிகரிப்பதால் சருமத்தின் கருமை நிறம் மற்றும் வயது முதிர்வால் ஏற்படும் புள்ளிகள் (Age spots) ஓரளவுக்குக் குறைந்து சருமம் பொலிவடையும்.

 

11.சிகிச்சைக்கு எவ்வளவு நேரம் எடுக்கும்?


முழு செயல்முறையும் 90 நிமிடங்களுக்குள் நிறைவு செய்யப்படும்.

 

12.ஊசி ஏற்றும்போது வலி இருக்குமா?


இல்லை. சிகிச்சைக்கு முன்னதாக கைகளை மரக்கச் செய்வதற்கான (Numbing) விசேட கிரீம் பயன்படுத்தப்படுவதால் வலி மிகக் குறைவாகவே இருக்கும்.

 

13.சிகிச்சைக்கு முன் விசேட தயாரிப்புகள் தேவையா?


இல்லை. ஆனால் சிகிச்சைக்கு சில நாட்களுக்கு முன் போதிய அளவு தண்ணீர் குடிப்பதன் மூலம் நல்ல இரத்த மாதிரியைப் பெற்றுக்கொள்ள முடியும்.

 

14.இரத்தம் எடுக்கும் இடத்தில் தழும்புகள் ஏற்படுமா?


இல்லை. இது ஒரு சாதாரண இரத்தப் பரிசோதனையைப் போல மிகச் சிறிய ஊசித் துளை மட்டுமே.

 

15.PRF கைகளின் எந்தப் பகுதியில் செலுத்தப்படும்?


முக்கியமாக கைகளின் பின்புறப் பகுதியில் (Back of the hands) மிக மெல்லிய ஊசிகளைப் பயன்படுத்தி இது செலுத்தப்படும்.

 

16.முடிவுகளைக் காண எவ்வளவு காலம் எடுக்கும்?


சிகிச்சையிலிருந்து 3-4 வாரங்களுக்குள் மாற்றத்தைக் காண முடியும். 2-3 மாதங்கள் ஆகும்போது கொலாஜன் வளர்ச்சியடைவதால் முழுமையான முடிவுகள் கிடைக்கத் தொடங்கும்.

 

17.எத்தனை தடவைகள் சிகிச்சை பெற வேண்டும்?


தெளிவான மற்றும் நீண்ட கால மாற்றத்திற்கு மாத இடைவெளியில் 3 தடவைகள் சிகிச்சை பெறுவது பரிந்துரைக்கப்படுகிறது. எனினும் ஒரு முறையிலேயே குறிப்பிடத்தக்க மாற்றத்தைக் காணலாம்.

 

18.முடிவுகள் எவ்வளவு காலம் நீடிக்கும்?


நபரின் வாழ்க்கை முறையைப் பொறுத்து முடிவுகள் ஒரு வருடம் அல்லது அதற்கு மேலாக நீடிக்கும். வருடத்திற்கு ஒருமுறை பராமரிப்பு சிகிச்சை (Maintenance treatment) செய்வது சிறந்தது.

 

19.சுருக்கங்கள் முழுமையாக மறையுமா?


ஆழமான சுருக்கங்கள் பெருமளவில் குறையும். மெல்லிய சுருக்கங்கள் (Fine lines) முழுமையாக மறைந்து சருமம் இறுக்கமடையும்.

 

20.இந்தச் சிகிச்சை 100% பாதுகாப்பானதா?


ஆம். இதில் உங்களது சொந்த இரத்தமே பயன்படுத்தப்படுவதால் ஒவ்வாமை அல்லது பக்கவிளைவுகள் ஏற்படும் அபாயம் இல்லை.

 

21.சிகிச்சைக்குப் பிறகு வேலைக்குச் செல்ல முடியுமா?


ஆம். ஓய்வு காலம் ஏதும் தேவையில்லை என்பதால் சிகிச்சைக்குப் பின் உடனடியாக உங்களது அன்றாட வேலைகளைச் செய்ய முடியும்.

 

22.சிகிச்சைக்குப் பின் ஏற்படக்கூடிய பக்கவிளைவுகள் யாவை?


ஊசி செலுத்திய இடங்களில் லேசான வீக்கம் அல்லது சிவத்தல் ஏற்படலாம். அவை சில மணிநேரங்களில் அல்லது ஒரு நாளில் குணமாகிவிடும்.

 

23.சிகிச்சைக்குப் பிறகு கைகளைக் கழுவலாமா?


4-6 மணிநேரம் வரை தண்ணீரால் கழுவுவதைத் தவிர்ப்பதன் மூலம், சருமத்தின் மேற்பரப்பிலுள்ள வளர்ச்சி காரணிகள் (Growth factors) சருமத்தினுள் செல்வதற்கு வாய்ப்பு ஏற்படும். அன்றைய தினம் இரசாயன சோப்புகளைப் பயன்படுத்துவதைத் தவிர்ப்பது நல்லது.

 

24.சிகிச்சைக்குப் பின் வெயிலில் செல்லலாமா?


சில நாட்களுக்குக் கடும் வெயிலிலிருந்து கைகளைப் பாதுகாப்பதும், சன்ஸ்கிரீன் (Sunscreen) பயன்படுத்துவதும்

பரிந்துரைக்கப்படுகிறது.

 

25.உலர்ந்த சருமம் (Dry skin) கொண்டவர்கள் இதைச் செய்யலாமா?


ஆம். PRF சருமத்தின் ஈரப்பதத்தை (Hydration) அதிகரிப்பதால் உலர்ந்த சருமம் கொண்டவர்களுக்கு இது மிகவும் சிறந்தது.

 

26.எந்த வயதினரும் இதைச் செய்யலாமா?


ஆம். 18 வயதுக்கு மேற்பட்ட எவரும் இச்சிகிச்சையைச் செய்ய முடியும் என்றாலும், பொதுவாக 40 வயதுக்குப் பின்னரே கைகளில் சுருக்கங்கள் ஏற்படும். எனவே 40 வயதுக்குப் பின் கைகளின் தோற்றத்தைப் பாதுகாக்க இது செய்யப்படுகிறது.

 

27.இரசாயனப் பொருட்களால்

பாதிக்கப்பட்ட சருமத்திற்கு இது தீர்வாகுமா?


ஆம். இரசாயனப் பொருட்களால் சேதமடைந்த திசுக்களை மீண்டும் சீரமைக்க PRF-இல் உள்ள வளர்ச்சி காரணிகள் உதவுகின்றன.

 

28.ஏன் ACC நிலையத்தைத் தேர்ந்தெடுக்க வேண்டும்?


நாங்கள் அவுஸ்திரேலிய தரநிலைகளைப் (Australian Guidelines) பின்பற்றுவதுடன், எமது மருத்துவர்கள் அவுஸ்திரேலிய மருத்துவர்களிடம் பயிற்சி பெற்ற அனுபவம் வாய்ந்தவர்கள் என்பதால்.

 

29.ரூபா 9,900/- என்பது நிலையான விலையா?


ஆம். இரண்டு கைகளுக்குமான PRF சிகிச்சையை ரூபா 9,900/- என்ற சலுகை விலையில் நாங்கள் வழங்குகிறோம்.

 

30.கைகளிலுள்ள தழும்புகளை (Scars) இதன் மூலம் அகற்ற முடியுமா?


சிறிய தழும்புகள் மற்றும் சருமத்திலுள்ள சீரற்ற தன்மைகளைச் சரிசெய்ய PRF உதவுகிறது.

 

31.சிகிச்சைக்குப் பின் மொய்சரைசர் (Moisturizer) பயன்படுத்தலாமா?


ஆம். சிகிச்சைக்கு ஒரு நாளுக்குப் பிறகு தரமான மொய்சரைசரைப் பயன்படுத்துவது முடிவுகளை மேம்படுத்தும்.

 

32.கைகளில் அறுவை சிகிச்சை செய்தவர்கள் இதைச் செய்யலாமா?


மருத்துவர் பரிசோதித்த பின்னரே தீர்மானிக்க முடியும். பொதுவாக அறுவை சிகிச்சைக்குப் பின் தழும்புகள் குணமாகவும் PRF உதவுகிறது.

 

33.முன்பதிவு (Appointment) பெறுவது எப்படி?


0772 222 888 ஐ அழைப்பதன் மூலம் உங்களுக்கு வசதியான நேரம் மற்றும் கிளையினை ஒதுக்கிக்கொள்ளலாம்.

 

34.இலங்கையில் எங்கு இச்சேவையைப் பெறலாம்?


பொரள்ளை, பெலவத்தை, கம்பஹா, நீர்கொழும்பு, ஹொரண மற்றும் காலி ஆகிய எமது அனைத்துக் கிளைகளிலும் இச்சேவையைப் பெறலாம்.

bottom of page