top of page
hifu-facial-1080x675 (1).webp
glow-hifu-before-and-after.jpg

HIFU Neck Rejuvenation 

HIFU Neck ප්‍රතිකාරය යනු High-Intensity Focused Ultrasound (HIFU) තාක්ෂණය භාවිතා කර බෙල්ලේ ගැඹුරු ස්ථරවලට උෂ්ණත්වය යොදා, ඵලදායී ලෙස ඖෂධ විනිවිදවීමක් සිදු කරන ක්‍රමයකි. මෙය බෙල්ලේ සම තද කිරීම හා තරුණ පෙනුම ලබාදීම සඳහා උපකාරී වේ.  

HIFU (High-Intensity Focused Ultrasound) neck rejuvenation is a non-invasive treatment that uses ultrasound technology to reduce skin sagginess, wrinkles, and improve skin tone on the neck and lower jawline by stimulating collagen production.

HIFU (உயர்-தீவிர கவனம் செலுத்தப்பட்ட அல்ட்ராசவுண்ட்) கழுத்து புத்துணர்ச்சி என்பது ஒரு ஊடுருவல் அல்லாத சிகிச்சையாகும், இது அல்ட்ராசவுண்ட் தொழில்நுட்பத்தைப் பயன்படுத்தி தோல் தொய்வு, சுருக்கங்களைக் குறைத்து, கொலாஜன் உற்பத்தியைத் தூண்டுவதன் மூலம் கழுத்து மற்றும் கீழ் தாடையின் தோலின் நிறத்தை மேம்படுத்துகிறது.

Key Aspects of HIFU Neck Rejuvenation Treatments:

1.HIFU Neck Rejuvenation යනු කුමක්ද?


HIFU යනු ශල්‍යකර්ම රහිතව බෙල්ලේ එල්ලා වැටෙන සම තද කර (Skin tightening) නැවත තරුණ පෙනුමක් ලබා දීම සඳහා භාවිතා කරන ලොව අංක 1 තාක්ෂණයයි. 

 

2.බෙල්ලේ සම රැකබලා ගැනීම වැදගත් වන්නේ ඇයි?


මුහුණ සහ බෙල්ල යන දෙකම එකම වේගයකින් වයසට යෑමට ලක්වේ. බොහෝ දෙනෙක් මුහුණ ගැන පමණක් සැලකිලිමත් වන අතර, බෙල්ල නොසලකා හැරීම නිසා මුහුණට වඩා බෙල්ල වයසින් වැඩි බවක් පෙනෙන්නට ගනී. 

 

3.මෙම ප්‍රතිකාරය ක්‍රියා කරන්නේ කෙසේද?


මෙහිදී අධි තීව්‍ර අතිධ්වනික තරංග මගින් සමට යටින් තාපය ජනනය කරයි. එම තාපය මගින් 'Fibroblasts' නමැති සෛල උත්තේජනය කර ස්වභාවිකව කොලජන් නිපදවීම ආරම්භ කරයි.

 

4.මෙහිදී කොපමණ ෂොට්ස් (Shots) ප්‍රමාණයක් ලබා දෙනවාද?


උපරිම ප්‍රතිඵල සඳහා අපි බෙල්ලේ ප්‍රදේශයට පමණක් ෂොට්ස් 20,000ක් (20,000 Shots) ලබා දෙන්නෙමු. 

 

5.මෙම ප්‍රතිකාරයේදී භාවිතා කරන සමේ ගැඹුර (Depths) මොනවාද?


සමේ මට්ටම් 4ක් ඉලක්ක කර ගනිමින් මිලිමීටර් 4.5, 3, 2 සහ 1.5 යන මට්ටම් හතරේ දීම අපි ප්‍රතිකාරය සිදු කරමු. 

 

6.කොලජන් මගින් බෙල්ලේ පෙනුමට සිදුවන සේවය කුමක්ද?


සමෙහි ප්‍රමාණවත් තරම් කොලජන් ඇති විට, ලිහිල් වූ සම තද වී ඉහළට එසවීමක් (Lift) සිදුවේ. එවිට රැළි මැකී ගොස් තරුණ පෙනුමක් ලැබේ. 

 

7.'Fibroblasts' අවදි කිරීම (Wake up) යනු කුමක්ද?


වයසට යෑමේදී අක්‍රිය වන කොලජන් නිපදවන සෛල, HIFU තාපය මගින් නැවත ක්‍රියාකාරී කරවීම මෙයින් අදහස් කෙරේ. 

 

8.මෙම ප්‍රතිකාරය බෙල්ලේ ඇති ඉන්ද්‍රියයන්ට හානිකරද?


නැත. මෙම ප්‍රතිකාරය සිදු වන්නේ සමේ මට්ටම්වල (Skin level) පමණි. එබැවින් බෙල්ලේ ඇති වැදගත් ග්‍රන්ථි (උදා: තයිරොයිඩ් ග්‍රන්ථිය) හෝ වෙනත් ඉන්ද්‍රියයන්ට කිසිදු බලපෑමක් සිදු නොවේ. 

 

9.HIFU ප්‍රතිකාරය ආරක්ෂිතද?


ඔව්. මෙය ආක්‍රමණශීලී නොවන (Non-invasive), ශල්‍යකර්ම රහිත ඉතා ආරක්ෂිත ප්‍රතිකාරයකි.

 

10.මට්ටම් 4කදීම ප්‍රතිකාර කිරීමේ වැදගත්කම කුමක්ද?


සමේ විවිධ ගැඹුරින් ඇති ස්ථර තද කිරීම මගින් වඩාත් ස්ථිර සහ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකි බැවිනි. 

 

11.ප්‍රතිඵල දැකීමට කොපමණ කාලයක් ගතවේද?


ප්‍රතිකාරය කල දින සිට ඔබට සමේ වෙනස්කම් දැකිය හැකිය. ප්‍රතිකාරයෙන් පසු කොලජන් ස්වභාවිකව වර්ධනය වී උපරිම ප්‍රතිපල දැකීමට මාස 3-4ක් පමණ ගතවේ. 

 

12.එක් වරක් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිද?


ඔව්. එක් ප්‍රතිකාර වාරයකින් පසුව වුවද පැහැදිලි වෙනසක් දැකිය හැක. වයස සහ සමේ පවතින ලිහිල් බව අනුව අවශ්‍ය නම් තවත් වාරයක් ලබා ගත හැක. මාස 3කට වරක් ප්‍රතිකාර 3ක් කිරීම නිර්දේශ කෙරේ. 

 

13.මෙම ප්‍රතිකාරය වේදනාකාරීද?

 

නැත. සම අභ්‍යන්තරයේ සුළු රත්වීමක් හෝ හිරිවැටීමක් වැනි හැඟීමක් ඇතිවිය හැකි නමුත් එය වේදනාකාරී නොවේ. 

 

14.බෙල්ලේ රැළි (Neck lines) මෙයින් ඉවත් කළ හැකිද?


ඔව්. කොලජන් වර්ධනය වීමත් සමඟ බෙල්ලේ ඇති තිරස් රැළි (Horizontal lines) සහ එල්ලා වැටෙන සම සැලකිය යුතු ලෙස අඩු වේ. 

 

15."Lunch time procedure" යනු කුමක්ද?


මෙම ප්‍රතිකාරය විනාඩි 30-40ක් වැනි කෙටි කාලයකින් අවසන් කළ හැකි අතර, ඉන් පසු වහාම රැකියාවට හෝ දෛනික වැඩකටයුතු වලට යා හැකි බැවින් එසේ හැඳින්වේ.

 

16.මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ කවුද?


ACC ආයතනයේදී සියලුම HIFU ප්‍රතිකාර සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි වෛද්‍යවරුන් විසිනි. 

 

17.වෛද්‍යවරුන් පුහුණුව ලබා ඇත්තේ කොහේද?


ඕස්ට්‍රේලියාවේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රායෝගිකව කටයුතු කරන වෛද්‍ය මොහාන් සිරිබද්ධන මහතා යටතේ අපගේ වෛද්‍යවරු විශේෂ පුහුණුව ලබා ඇත. 

 

18.ඔබ අනුගමනය කරන ප්‍රමිතීන් මොනවාද?


අපි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය මාර්ගෝපදේශ (Australian Guidelines) ඉතා දැඩි ලෙස අනුගමනය කරන්නෙමු. 

 

19.මෙහි මිල සහනදායී වන්නේ ඇයි?


වියදම රු: 14900/-. අප ආයතනය දිනකට ප්‍රතිකාර විශාල සංඛ්‍යාවක් සිදු කරන බැවින් (High Volume), එම වාසිය පාරිභෝගිකයාට ලබා දෙමින් අවම මිලකට සේවාව සැපයීමට අපට හැකියාව ඇත.

 

20.ප්‍රතිකාරයට පෙර විශේෂ සූදානමක් අවශ්‍යද?


නැත. විශේෂ සූදානමක් අවශ්‍ය නොවන නමුත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කර පැමිණීම සුදුසුයි. 

 

21.ප්‍රතිකාරයෙන් පසු අතුරු ආබාධ තිබේද?


සමහර විට සුළු රතු වීමක් හෝ ඉදිමීමක් ඇතිවිය හැකි අතර ඒවා පැය කිහිපයකින් මග හැරී යයි. 

 

22.ප්‍රතිකාරයෙන් පසු විවේකයක් (Downtime) අවශ්‍යද?


නැත. ප්‍රතිකාරයෙන් පසු කිසිදු විවේකයක් අවශ්‍ය නොවේ

 

23.සමේ අසාත්මිකතා ඇති අයට මෙය කළ හැකිද?


අසාත්මිකතා තිබීම මෙම ප්‍රතිකාරයට කිසිදු බලපෑමක් නැත. ප්‍රතිකාරයට පෙර අපගේ වෛද්‍යවරුන් විසින් ඔබේ සම පරීක්ෂා කර සුදුසු උපදෙස් ලබා දෙනු ඇත. 

 

24.ප්‍රතිකාරයෙන් පසු හිරු එළියට නිරාවරණය වීම ගැටලුවක්ද?


දින කිහිපයක් යනතුරු තද හිරු එළියෙන් ආරක්ෂා වීම සහ සන්ස්ක්‍රීන් (Sunscreen) භාවිතා කිරීම නිර්දේශ කෙරේ.

 

25.මෙය ඕනෑම වයසක අයෙකුට කළ හැකිද?


සාමාන්‍යයෙන් වයස අවුරුදු 30න් පසු සම ලිහිල් වීම ආරම්භ වන විට මෙම ප්‍රතිකාරය කිරීම වඩාත් සාර්ථක වේ. 

 

26.මුහුණ සහ බෙල්ල එකටම කළ හැකිද?


ඔව්. මුහුණ සහ බෙල්ල එකම අවස්ථාවකදී ප්‍රතිකාර කිරීම මගින් සම්පූර්ණ තරුණ පෙනුමක් ලබා ගත හැක. 

 

27.ප්‍රතිඵල කෙතරම් කාලයක් පවතිනවාද?


පුද්ගලයාගේ ජීවන රටාව සහ සමේ ස්වභාවය අනුව මාස 12-18ක් පමණ ප්‍රතිඵල පවතී. 

 

28.බෙල්ලේ මේදය (Double Chin) මෙයින් අඩු කරගත හැකිද?


ඔව්. HIFU තාක්ෂණය මගින් බෙල්ලේ සහ නිකට යට ඇති අනවශ්‍ය මේදය ඉවත් කර සම තද කිරීමටද හැකියාව ඇත. 

 

29.ශල්‍යකර්මයකින් බෙල්ල එසවීමට (Neck Lift Surgery) වඩා මෙය වෙනස් වන්නේ කෙසේද?


ශල්‍යකර්මයකදී මෙන් කැපුම් තුවාල, මැහුම් හෝ සුව වීමට දිගු කාලයක් HIFU වලදී අවශ්‍ය නොවේ. පිරිවැයද ඉතා අඩුය.

 

30.ඇපොයින්ට්මන්ට් එකක් වෙන් කරවා ගන්නේ කෙසේද?


0772 222 888 ඇමතීමෙන් ඔබට පහසු වේලාවක් සහ ශාඛාවක් වෙන් කරවා ගත හැක.

 

31.ලංකාවේ ශාඛා පිහිටා ඇත්තේ කොහේද?


බොරැල්ල, පැලවත්ත, ගම්පහ, මීගමුව, හොරණ සහ ගාල්ල යන නගර වල අපගේ සායන පිහිටා ඇත. 

 

32.පිරිමි අයටද මෙම ප්‍රතිකාරය සුදුසුද?


ඔව්. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බෙල්ලේ සම ලිහිල් වී ඇති ඕනෑම අයෙකුට මෙම ප්‍රතිකාරය සුදුසුයි.

33.තයිරොයිඩ් ගැටලු ඇති අයට මෙය කළ හැකිද?


HIFU තරංග තයිරොයිඩ් ග්‍රන්ථියට බලපෑමක් නොකරන නමුත්, ඕනෑම රෝගී තත්ත්වයක් ඇත්නම් ප්‍රතිකාරයට පෙර වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත් වේ. 

 

34.ප්‍රතිකාරයෙන් පසු විශේෂ ආලේපන භාවිතා කළ යුතුද?


විශේෂ දෙයක් අවශ්‍ය නොවේ. නමුත් හොඳ මොයිස්චරයිසර් එකක් සහ සන්ස්ක්‍රීන් භාවිතා කිරීම සමේ නිරෝගී බව රැක ගැනීමට උදව් වේ. 

 

35.ACC ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?


ලොව දියුණු රටවල භාවිතා කරන ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්, පළපුරුදු වෛද්‍යවරුන් සහ ෂොට්ස් 20,000ක් වැනි ඉහළ ප්‍රමාණයක් ලබා දෙන එකම ආයතනය අප වන බැවිනි

1. What is HIFU neck rejuvenation?


HIFU (High-Intensity Focused Ultrasound) neck rejuvenation is a non-invasive treatment that uses ultrasound technology to reduce skin sagginess, wrinkles, and improve skin tone on the neck and lower jawline by stimulating collagen production.


 

2. How does the treatment work?


The treatment involves using HIFU at 3-5 different depths with a total of 800 shots across the whole face, including the lower jawline. This targets and stimulates collagen synthesis in 4-5 different layers under the skin.


 

3. Is the HIFU neck rejuvenation safe?


Yes, the HIFU neck rejuvenation is a very safe procedure. It uses focused ultrasound energy to precisely target the skin layers without damaging the surrounding tissue.



 

4. What benefits can I expect from HIFU neck rejuvenation?


This treatment helps to reduce skin sagginess, wrinkles, and neck lines, tighten the skin, straighten the jawline, and burn unwanted fat in the neck, resulting in a slimmer and more toned appearance.






 

5. When will I see results?


Some immediate changes are noticeable right after the treatment. However, the best results develop gradually over 3-4 months as collagen synthesis continues.



 

6. How long do the results last?


The results of HIFU neck rejuvenation can last for several months to over a year, depending on individual skin conditions and aging processes. Regular maintenance sessions may be recommended to sustain the benefits.


 

7. How many sessions will I need?


Most people see significant improvement after one session. However, if further enhancement is desired, another session can be considered after 3 months.



 

8. Is there any downtime after the treatment?


There is no downtime required after HIFU neck rejuvenation. You can return to your normal activities immediately after the treatment

.

9. Are there any side effects?


Side effects are minimal and may include slight redness, swelling, or tingling in the treated areas, which typically resolve within a few hours.



 

10. How does HIFU stimulate collagen synthesis?


HIFU stimulates collagen synthesis by delivering focused ultrasound energy to the deeper layers of the skin. This energy triggers the body’s natural healing process, which produces new collagen and elastin, leading to firmer and more youthful-looking skin in the neck.

1.HIFU Neck Rejuvenation என்றால் என்ன?

 HIFU என்பது அறுவை சிகிச்சை இல்லாமலேயே கழுத்தில் தொங்கும் சருமத்தை இறுக்கமடையச் செய்து (Skin tightening), மீண்டும் இளமையான தோற்றத்தைக் கொடுக்கப் பயன்படும் உலகின் முதற்தர தொழில்நுட்பமாகும். 


2.கழுத்துச் சருமத்தைப் பராமரிப்பது ஏன் முக்கியம்?

முகமும் கழுத்தும் ஒரே வேகத்தில்தான் முதுமையடைகின்றன. பலர் முகத்தை மட்டும் கவனித்துவிட்டு கழுத்தை விட்டுவிடுகிறார்கள். இதனால் முகம் இளமையாகத் தெரிந்தாலும், கழுத்து அதிக வயதானது போன்ற தோற்றத்தைக் கொடுக்கும். எனவே கழுத்துச் சருமத்தை இறுக்குவது அவசியமாகும். 
 

3.இந்தச் சிகிச்சை எவ்வாறு செயல்படுகிறது?

அதி தீவிர ஒலி அலைகள் மூலம் சருமத்திற்கு அடியில் வெப்பம் உருவாக்கப்படுகிறது. இந்த வெப்பம் 'Fibroblasts' எனப்படும் செல்களைத் தூண்டி, இயற்கையாக கொலாஜன் உற்பத்தியைத் தொடங்குகிறது. 

 
4.இதில் எத்தனை 'ஷாட்கள்' (Shots) வழங்கப்படுகின்றன?

சிறந்த முடிவுகளுக்காக நாங்கள் கழுத்துப் பகுதிக்கு மட்டும் 20,000 ஷாட்களை (20,000 Shots) வழங்குகிறோம்.

 
5.இந்தச் சிகிச்சையில் பயன்படுத்தப்படும் சருமஆழங்கள் (Depths) யாவை?

சருமத்தின் 4 அடுக்குகளை இலக்கு வைத்து 4.5mm, 3mm, 2mm மற்றும் 1.5mm ஆகிய நான்கு ஆழங்களிலும் இச்சிகிச்சை செய்யப்படுகிறது. 
 

6.கொலாஜன் மூலம் கழுத்துத் தோற்றத்திற்கு கிடைக்கும் நன்மை என்ன?

சருமத்தில் போதுமான கொலாஜன் இருக்கும்போது, தளர்ந்த சருமம் இறுக்கமடைந்து மேலே உயர்த்தப்படுகிறது (Lift). இதனால் சுருக்கங்கள் மறைந்து இளமைத் தோற்றம் கிடைக்கும். 
 

7.'Fibroblasts' செல்களைத் தூண்டுதல் (Wake up) என்றால் என்ன?

வயதாகும்போது அactive ஆக இருக்கும் கொலாஜன் உற்பத்தி செய்யும் செல்களை, HIFU வெப்பத்தின் மூலம் மீண்டும் செயல்பட வைப்பதையே இது குறிக்கிறது.
 

8.இந்தச் சிகிச்சை கழுத்திலுள்ள உறுப்புகளுக்குப் பாதிப்பை ஏற்படுத்துமா?

இல்லை. இச்சிகிச்சை சரும அடுக்குகளில் (Skin level) மட்டுமே நடைபெறுகிறது. எனவே கழுத்திலுள்ள தைராய்டு சுரப்பி போன்ற முக்கியமான சுரப்பிகளுக்கோ அல்லது உறுப்புகளுக்கோ எந்தப் பாதிப்பும் ஏற்படாது. 
 

9.HIFU சிகிச்சை பாதுகாப்பானதா?

ஆம். இது ஒருஊடுருவல் இல்லாத (Non-invasive), அறுவை சிகிச்சை அற்ற மிகவும் பாதுகாப்பான சிகிச்சையாகும். 
 

10.4 அடுக்குகளிலும் சிகிச்சை செய்வதன் முக்கியத்துவம் என்ன?

சருமத்தின் பல்வேறு ஆழங்களிலுள்ள அடுக்குகளை இறுக்குவதன் மூலம் மிகவும் நிலையான மற்றும் வெற்றிகரமான முடிவுகளைப் பெற முடியும்.
 

11.முடிவுகளைக் காண எவ்வளவு காலம் எடுக்கும்?

சிகிச்சை செய்த நாளிலிருந்தே மாற்றங்களை உணர முடியும். கொலாஜன் இயற்கையாக வளர்ந்து முழுமையான முடிவுகளைப் பெற 3-4 மாதங்கள் ஆகும். அப்போதும் கழுத்து தெளிவாக இறுக்கமடைந்திருப்பதை நீங்கள் காணலாம்.
 

12.ஒரு முறை சிகிச்சையிலேயே பலன் கிடைக்குமா?

ஆம். ஒரு முறையிலேயே தெளிவான மாற்றத்தைக் காணலாம். எனினும் வயது மற்றும் சருமத் தளர்வுக்கு ஏற்பத் தேவைப்பட்டால் மீண்டும் ஒரு முறை செய்யலாம். 3 மாதங்களுக்கு ஒருமுறை வீதம் 3 சிகிச்சைகள் பரிந்துரைக்கப்படுகின்றன. 
 

13.இந்தச் சிகிச்சை வேதனையானதா?

இல்லை. சருமத்தின் உட்புறத்தில் லேசான சூடு அல்லது ஒருவித விறுவிறுப்பு போன்ற உணர்வு ஏற்படலாம், ஆனால் அது வலியாக இருக்காது. 
 

14.கழுத்துச் சுருக்கங்களை (Neck lines) இதன் மூலம் அகற்ற முடியுமா?

ஆம். கொலாஜன் வளர்ச்சியுடன் கழுத்திலுள்ள குறுக்குச் சுருக்கங்கள் (Horizontal lines) மற்றும் தளர்ந்த சருமம் கணிசமாகக் குறையும். 
 

15."Lunch time procedure" என்றால் என்ன?

இந்தச் சிகிச்சை 30-40 நிமிடங்களுக்குள் முடிந்துவிடும். சிகிச்சை முடிந்தவுடன் உடனடியாக உங்களது வேலைக்கோ அல்லது அன்றாடப் பணிகளுக்கோ செல்ல முடியும் என்பதால் இது அவ்வாறு அழைக்கப்படுகிறது. 
 

16.இந்தச் சிகிச்சையை மேற்கொள்பவர் யார்?

ACC நிலையத்தில் அனைத்து HIFU சிகிச்சைகளும் இலங்கை மருத்துவ சபையில் (SLMC) பதிவுசெய்த மருத்துவர்களால் மட்டுமே செய்யப்படுகின்றன.
 

17.மருத்துவர்கள் எங்குப் பயிற்சி பெற்றுள்ளனர்?

எமது மருத்துவர்கள் அவுஸ்திரேலியாவில் அழகுசாதன மருத்துவத்தில் நிபுணத்துவம் பெற்ற வைத்தியர் மோகன் சிரிபத்தன அவர்களிடம் விசேட பயிற்சி பெற்றுள்ளனர். 
 

18.நீங்கள் பின்பற்றும் தரநிலைகள் யாவை?

நாங்கள் அவுஸ்திரேலிய சுகாதார வழிகாட்டல்களை (Australian Guidelines) மிகக் கண்டிப்புடன் பின்பற்றுகிறோம். 
 

19.இதன் விலை மலிவாக இருப்பது ஏன்?

இதன் விலை ரூபா 14,900/- ஆகும். எமது நிறுவனம் ஒரு நாளைக்கு அதிக அளவிலான சிகிச்சைகளை மேற்கொள்வதால் (High Volume), அந்தப் பலனை வாடிக்கையாளர்களுக்கு வழங்கி மிகக் குறைந்த விலையில் இச்சேவையை வழங்க முடிகிறது. 


20.சிகிச்சைக்கு முன் விசேட தயாரிப்புகள் தேவையா?

இல்லை. ஆனால் போதுமான அளவு தண்ணீர் குடித்துவிட்டு வருவது நல்லது. 
 
21.சிகிச்சைக்குப் பின் பக்கவிளைவுகள் உண்டா?

சில நேரங்களில் லேசான சிவத்தல் அல்லது வீக்கம் ஏற்படலாம். அவை சில மணிநேரங்களில் மறைந்துவிடும். 
 
22.சிகிச்சைக்குப் பின் ஓய்வு (Downtime) அவசியமா?

இல்லை. சிகிச்சைக்குப் பின் எந்த ஓய்வும் தேவையில்லை. 
 
23.சரும ஒவ்வாமை (Allergies) உள்ளவர்கள் இதைச் செய்யலாமா?

ஒவ்வாமை இருப்பதற்கும் இந்தச் சிகிச்சைக்கும் எந்தத் தொடர்பும் இல்லை. சிகிச்சைக்கு முன் எமது மருத்துவர்கள் உங்கள் சருமத்தைப் பரிசோதித்துத் தகுந்த ஆலோசனைகளை வழங்குவார்கள். 

24.சிகிச்சைக்குப் பிறகு வெயிலில் செல்வது பிரச்சினையா?

சில நாட்களுக்குக் கடும் வெயிலைத் தவிர்ப்பதும், சன்ஸ்கிரீன் (Sunscreen) பயன்படுத்துவதும் நல்லது. 
 
25.இந்தச் சிகிச்சை யை எந்த வயதினரும் செய்யலாமா?

பொதுவாக 30 வயதுக்குப் பிறகு சருமம் தளர்வடையத் தொடங்கும் போது இச்சிகிச்சையைச் செய்வது அதிக பலன் தரும்.

 
26.முகத்திற்கும் கழுத்திற்கும் ஒரே நேரத்தில் சிகிச்சை செய்யலாமா?

ஆம். முகம் மற்றும் கழுத்து இரண்டிற்கும் ஒரே நேரத்தில் சிகிச்சை செய்வதன் மூலம் முழுமையான இளமைத் தோற்றத்தைப் பெற முடியும். 
 
27.முடிவுகள் எவ்வளவு காலம் நீடிக்கும்?

நபரின் வாழ்க்கை முறை மற்றும் சருமத் தன்மையைப் பொறுத்து 12-18 மாதங்கள் வரை முடிவுகள் நீடிக்கும். 
 
28.கழுத்துக் கொழுப்பை (Double Chin) இதன் மூலம் குறைக்க முடியுமா?

ஆம். HIFU தொழில்நுட்பம் மூலம் கழுத்து மற்றும் தாடைக்குக் கீழுள்ள தேவையற்ற கொழுப்பை அகற்றிச் சருமத்தை இறுக்க முடியும். 
 
29.அறுவை சிகிச்சை மூலம் கழுத்தை உயர்த்துவதை (Neck Lift Surgery) விட இது எவ்வாறு வேறுபடுகிறது?

அறுவை சிகிச்சையைப் போல வெட்டுக்காயங்கள், தையல்கள் அல்லது குணமடைய நீண்ட காலம் HIFU சிகிச்சையில் தேவையில்லை. செலவும் மிகவும் குறைவு. 
 
30.முன்அனுமதி (Appointment) பெறுவது எப்படி?

0772 222 888 ஐ அழைப்பதன் மூலம் உங்களது நேரத்தை ஒதுக்கிக்கொள்ளலாம். 
 
31.கிளைகள் எங்கு அமைந்துள்ளன?

பொரள்ளை, பெலவத்தை, கம்பஹா, நீர்கொழும்பு, ஹொரண மற்றும் காலி ஆகிய நகரங்களில் எமது நிலையங்கள் உள்ளன. 
 
32.ஆண்களுக்கும் இந்தச் சிகிச்சை பொருத்தமானதா?

ஆம். பாலின வேறுபாடின்றி கழுத்துச் சருமம் தளர்வடைந்துள்ள எவருக்கும் இந்தச் சிகிச்சை பொருத்தமானது. 
 
33.தைරා ய்டு பிரச்சினைகள் உள்ளவர்கள் இதைச் செய்யலாமா?

HIFU அலைகள் தைராய்டு சுரப்பியைப் பாதிக்காது. எனினும் ஏதேனும் நோய் நிலைமைகள் இருந்தால் சிகிச்சைக்கு முன் மருத்துவரிடம் தெரிவிப்பது அவசியம். 
 
34.சிகிச்சைக்குப் பிறகு விசேட கிரீம்கள் பயன்படுத்த வேண்டுමා?

விசேடமாக எதுவும் தேவையில்லை. ஆனால் நல்ல மொய்சரைசர் மற்றும் சன்ஸ்கிரீன் பயன்படுத்துவது சரும ஆரோக்கியத்திற்கு உதவும். 
 
35.ஏன் ACC நிலையத்தைத் தேர்ந்தெடுக்க வேண்டும்?

உலக நாடுகளில் பயன்படுத்தப்படும் அவுஸ்திரේලිය தரம், அனுபவம் வாய்ந்த மருத்துவர்கள் மற்றும் 20,000 ஷாட்கள் வரை வழங்கும் இலங்கையின் ஒரே நிறுவனம் நாங்கள்தான். 

bottom of page